ලග්ගල නව නගර වෙළෙන්දන් විරෝධතාවයක්...

By Parami Dissanayake Jul 15, 2024 05:37 PM GMT
Report

අද (15වැනිදා) ලග්ගල නගරයේ වෙළෙඳසල් හිමියන් විසින් තමන්ගෙන් අසාධාරණ ලෙස බදු අය කිරීමට මහවැලි සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් විරෝධතාවක නිරත වූහ.

හෙට UNESCO සංවිධානයේ අධ්‍යක්ෂවරිය දිවයිනට...

හෙට UNESCO සංවිධානයේ අධ්‍යක්ෂවරිය දිවයිනට...

කළුගඟ හා මොරගහකන්ද ජලාශයට පැරණි ලග්ගල නගරයේ වෙළෙඳසල් හා ඉඩම් පරිත්‍යාගකර නව ලග්ගල නගරයේ පදිංචියට පැමිණි මෙම වෙළෙඳුන්ට ලබාදුන් පර්චස් 06 ක පමණ වෙළෙඳසල් සඳහා රුපියල් ලක්ෂ 10 හිඟ බදු මුදල් ලබාදෙන ලෙසට මහවැලි සංවර්ධන අධිකාරිය ලිඛිතව වෙළෙඳසල් හිමියන්ට දැනුම් දීම නිසා ඊට විරෝධය දක්වමින් හා ප්‍රාදේශීය සභාව මගින් වෙළෙඳ බලපත්‍ර ගාස්තු අය කිරීමට ගැන ඇති තීරණයට එරෙහිව නගරයේ සියලු වෙළෙඳසල් වසා දමා කළු කොඩි ඔසවා විරෝධතාවයේ නිරත වූහ.

මහවැලි සංවර්ධන අධිකාරිය හා ප්‍රාදේශීය සභාව අසාධාරණ අයුරින් වෙළෙඳසල් හිමියන්ගෙන් බදු මුදල් ලබාගැනීමට ගෙන ඇති තීරණය අවලංගු කොට සහනදායී ක්‍රමවේදයකට පැමිණෙනතුරු මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බව විරෝධතාකරුවන් සඳහන් කළේය.