ලංකාවේ අලි ඇතුන්ගේ විනාසෙද මේ, ලග්ගල අලියෙක් ජීවිතක්ෂයට, තවත් අලියෙක් ජීවිතයත් මරණයත් අතර සටනක

Report

ලග්ගල වන ජීවී නිළධාරීන් විසින් අද දින (24) උදෑසන මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල , පල්ලේගම ගුරුවෙල ප්‍රදේශයේ කලු ගඟ ජලාශයට මායිම්ව මිය ගිය අවුරුදු 4 ත් 6 ත් අතර වයසේ පසුවන වන අලියෙකුගේ සිරුරක් හමුවී ඇති බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔවුන් ප්‍රකාශ කළේ ඉකුත් ජූලි 19 වන දින මෙම වන අලියා මිය යන්නට පෙර, මියගොස් සිටින ස්ථානයට මීටර් 100 ක් පමණ දුරකින් රෝගාතුරව අසාධ්‍යව සිටියදී 19 වන දින උදෑසන සොයාගෙන තිබූ බව‍යි.

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

එසේම එදිනම දහවල් කාලයේ වන අලියා එම ස්ථානයෙන් නැගිට ජලාශය දෙසට ගිය බවත් සඳහන් කරයි.

එසේ වුවද ජීවිතක්ෂයට පත්ව ඇති වන අලියා පළමුව 19 වන දින වැටී සිටි ස්ථානයේ සිට මීටර් 100 ක් පමණ දුරක් පමණ ගොස් ඇද වැටී මියගොස් ඇත්තේ මීට දින දෙක තුනකට පෙර බව දැක ගැනීමට ලැබී තිබෙනවා.

ඒ අනුව මේ පිළිබඳව මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශුවෛද්‍ය නිළධාරීන් අද දින සිදු කිරීමට නියමිතව ඇති බව සඳහන්.

බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට

බිහිසුණු ගුවන් යානයේ අනතුරෙන් මඟීන් 49 දෙනාම ජීවිතක්ෂට

ඒ අතර මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ සිට පැමිණි අලියෙක් අරලගංවිල, පිඹුරත්තෑව ප්‍රදේශයෙන් ZD ඇළට වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ වැටුණු අලියා සැඩ පහරට හසුවී කිලෝමීටර් 05ක් පමණ ගසා ගෙන ගොස් ඇති බව පවසයි.

එසේම තොරතුරු ලැබී ඇත්තේ වනජීවි නිලධාරීන් කඹ හා ටයර් ආධාරයෙන් අලියා ගොඩට ගැනීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව‍යි.  

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්