කෑම පැකට් තුළ සඟවා මෙරටට ගෙන ආ කුෂ්

Report

රුපියල් මිලියන 12ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 200ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් එම සැකකාරිය අද (26) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය 38 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක් වන අතර ඇය තායිලන්තයේ බැංකොක් සිට හොංකොං හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව වාර්තා වේ.

මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සකකාරිය විසින් ගමන් මලුවල ආහාර පැකට් තුළ සඟවා රැගෙනවිත් තිබුණි.

සැකකාර කාන්තාව සහ සොයාගත් මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී තිබේ.

නාමල් CIDයට පැමිණෙයි

නාමල් CIDයට පැමිණෙයි

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන නිවේදනයක්

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැන නිවේදනයක්