නාමල් CIDයට පැමිණෙයි
New Update..
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
නාමල් අද CIDයට..
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට කැඳවා තිබෙනවා.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඇතැම් ප්‍රකාශ තුළින් හෙළිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළා.
ඒ කොළඹ ඊයේ කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
