කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අයෙක් දැලේ

Report

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට ඇතුළුවීමට තැත් කළ විදේශික ගුවන් මඟියෙක් අද (05) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 34 හැවිරිදි තායි ජාතිකයෙකු වන අතර තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායකට පැමිණ ඇති අතර පැමිණීමේ පර්යන්තයේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ආහාර අඩංගු පැකට් තුළ තිබී මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 200ක් සොයා ගැනුණු බවත් එහි වටිනාකම රුපියල් පන් කෝටි 20 ලක්ෂයක් පමණ වෙන බවත් වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා සැකකරුව කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී තිබේ.  

කවුරුත් දන්නා දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය අද දුන් වැදගත් නියෝගය

කවුරුත් දන්නා දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය අද දුන් වැදගත් නියෝගය

ඇඟ සුදු කරන කිරිපිටි ටින් තොගයක් කටුනායකදී අල්ලයි

ඇඟ සුදු කරන කිරිපිටි ටින් තොගයක් කටුනායකදී අල්ලයි