ඇඟ සුදු කරන කිරිපිටි ටින් තොගයක් කටුනායකදී අල්ලයි

By R.rishma Mar 05, 2025 05:54 AM GMT
Report

නීතිවිරෝධිව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 18ක් වටිනා සිරුර පැහැපත් කිරීමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් 179ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (05) ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අතරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තිය කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඔවුන් දෙදෙනා උදෑසන මැලේසියාවේ සිට මෙරටට පැමිණි ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණු බව වාර්තා වේ.

මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව එම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් ඇති බව වාර්තා වෙයි.

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවේ තබා ගෙන විමර්ශන කටයුතු සිදු කරමින් සිටින වාර්තා වේ.