රෝහල් ගත කළ කුසල් මෙන්ඩිස්ගේ අලුත්ම තත්ත්වය මෙන්න..
ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරගය අතරතුරදී මස්පිඬුවළ ඇතිවූ ආබාධ තත්වය හේතුවෙන් රෝහල් ගතකළ කුසල් මෙන්ඩිස්ගේ තත්වය, දැන් යහපත් අතට පත්ව ඇති බවයි, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරතුමා ප්‍රකාශ කළේ.
ඒ අනුව, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, අද දින කුසල් මෙන්ඩිස්ට රෝහලෙන් පිටව යා හැකි බවයි.
මෙම ආබාධ තත්වය ඊළඟ තරගවලට බලපෑමක් නොවෙනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.