සියල්ලන් පුදුම කරමින්, වාර්තා පිට වාර්තා තැබූ ලෝක කුසලාන තරඟාවලිය - සංගා තැබූ වාර්තාවත් බිඳ හෙළමින් තවත් සිංහයෙක් තැබූ සුපිරි වාර්තාව.. (PHOTOS)

Report

ඊයේ (07) ලෝක කුසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සහභාගී වූ ප්‍රථම තරඟය පැවැත්විණ.

එහිදී අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

ඒ ලකුණු 102 කින් ය.

නමුත් ඊයේ තරඟයේ දී ක්‍රිකට් වාර්තා රාශියක් වාර්තා විය.

එහි දී පළමු ඕවර් දහය තුල කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් ලබා ගත්තේ ය.

ඒ ආරම්භක පිතිකරුවකු නොවන පිතිකරුවකු ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙමින් ය.

එම වාර්තාව මීට පෙර කුමාර් සංගක්කාර දකුණු අප්‍රිකාවට එරෙහිව 2002 වසරේ දී ලකුණු 55ක් ලබා ගනිමින් තැබුවේ ය.

GalleryGallery