ගැටලු සහගත තත්ත්වයක් - T20 සංචිතයෙන් කුසල් ජනිත් සහ නුවන් තුෂාර ඉවතට

Report

එංගලන්තයට විරුද්ධව පැවැත්වීමට නියමිත T20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති අතර, එහිදී ප්‍රබල පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සංචිතයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ සහභාගීත්වය පිළිබඳව මේ සමඟ ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වී ඇත. එ අනුව දසුන් ශානක විසින් කණ්ඩායම මෙහෙයවනු ලබයි.

මෙහිදී පාකිස්ථානයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියට කැඳවා තිබූ ධනංජය ද සිල්වා, එංගලන්තයට එරෙහි එක්දින සංචිතයට මෙන්ම විස්සයි විස්ස සංචිතයට ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් වේ.

ජපානය පරදා ශ්‍රී ලංකා යොවුන් පිලට දැවැන්ත ජයක්

ජපානය පරදා ශ්‍රී ලංකා යොවුන් පිලට දැවැන්ත ජයක්

එමෙන්ම නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට දසුන් ශානක (නායක) පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ට්‍රැවීන් මැතිව්, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, එෂාන් මාලිංග ඇතුළත් වන බව සඳහන්.

මෙම සංචිතය නම් කර ඇත්තේ ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස බව සඳහන්.

කෙසේ වෙතත්, කුසල් ජනිත් සහ නුවන් තුෂාර ඉවත් කිරීමට හේතුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

මේ මාසේ අවසානේ වෙද්දි ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලි ගාස්තු සංශෝධනය ගැනත් දැනුම් දීමක්

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ

අවුරුදු 22 ට අඩු සියලුම තරුණ තරුණියන්ට මේවා නොමිලේ