"..නුවරට ට්‍රේන් එකේ ඇවිත් මහ වැස්සෙම කුඩේ අටවාගෙන පයින්ම ආව සංගා.."

Kumar Sangakkara Kandy Cricket Sri Lanka
By Sewvandhi Jun 02, 2023 04:28 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා එක්තරා උත්සවයකට පැමිණි අයුරු කියවෙන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එම සටහන පහතින්...

නුවර බ්‍රිටිෂ් කවුන්සිලයේ තිබුන උත්සවේක ප්‍රධාන ආරාධිතයා වෙලා තිබුනෙ කුමාර් සංගක්කාර. British Council හා NSB දෙකම තියෙන්නෙ එකම බිල්ඩිමේ උත්සවේ දවසෙ කවුන්සිලේ උන් සංගගෙ වාහනේට අවහිර නොවෙන්න කියල බැංකුවේ හා බ්‍රිටිෂ් කවුන්සිලයේ staff වාහනත් අයින් කරලා කාර් පාක් clear කරලා හෙන පොයියංගමක් නටලා.

දැන් ඔන්න කට්ටියම දොරකඩට වෙලා තඩි බෙන්ස් එකකින් හරි රේන්ජ් රෝවරේකින් එන සංගව පිලිගන්න ලෑස්ති පිට ඉන්නවලු. ඔය අස්සෙ එදා මහ වැස්සකුත් ඇවිත් ඔහොම ඉද්දි කුඩ ඉහලන් pavement එකේ එහෙට මෙහෙට යන මිනිස්සු ගොඩ අස්සෙන් බාගෙට තෙමිච්ච එකෙක් කුඩේකුත් අරන් එකපාට්ටම උඩට ගොඩවෙලා.

බැලින්නං ඒ සංගා. කොළඹ ඉඳන් කෝච්චියේ ඇවිත් ස්ටේෂමෙන් බැහැලා පයින්ම ඇවිත්. ඒක ලේසියි කීවලු. උත්සවේ ඉවර වෙලත්‍ කුඩේ අටවන් පොර ආව විදියටම ආපහු ගිහිං නිරීක්ෂණය මේකයි. ඕනම තැනක රඟන්නෙ, show off දාන්නෙ මොකක් හෝ හීනමානයක් වහගන්න ට්‍රයි කරන මිනිස්සු. Identity එකක් හදාගත්ත අයට තමන් කවුද කියල බාහිර ආටෝපවලින් ලෝකෙට ඔප්පු කිරීමේ අවශ්‍යතාවයක් නෑ ! (උපුටා ගැනීමකි)


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha