ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙක් - ලෝකයම ආදරය කරන සංගක්කාරට විශේෂ තනතුරක් ලැබෙයි.
කුමාර් සංගක්කාර යනු ශ්‍රී ලංකාවට විතරක් නොව ලෝකයටම වටින ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේ.
ඒ බැවින් ඔහුට ලෝකයේ ඉතාමත් ඉහල පිළිගැනිමක් ලැබෙයි.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර එංගලන්තයේ මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
කුමාර් සංගක්කාර 2021 වසරේ සිට මාලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත.
මාලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක කමිටුවේ සභාපතිවරයා ලෙස මින් පෙර කටයුතු කළේ හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මයික් ගැටින් ය.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන කුමාර් සංගක්කාර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 134ක්, ක්‍රීඩා කර ඇති අතර ලබා ඇති ලකුණු සංඛ්‍යාව 12,400ක් වේ.
එමෙන්ම ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 404ක දී ලකුණු 14234ක් රැස් කර ඇති අතර, පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග 56ක දී ලකුණු 1382ක් රැස් කරගෙන ඇත.
