මියගිය පුද්ගලයෙකුට ලක්ෂ 10ක් බැගින් වන්දි

Report

කොත්මලේ බස් රථ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල මගින් ද වන්දි ලබාදීමට තීරණය කර ඇති බව වාරිතා වෙයි.

තීරණයට අනුව , මියගිය ඥාතීන්ට අදාළ මුදල් හැකි විගස ලබා දීමට පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කරයි.

එමෙන්ම, බස් රථ අනතුරින් මියගිය පුද්ගලයෙකුට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අරමුදලට උපදෙස් ලබාදී ඇත.

මේ වන විට බස් රථ අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 39 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. 

බස්රථ රියදුරා බීමතින් ඉදලා.....

බස්රථ රියදුරා බීමතින් ඉදලා.....