බස්රථ රියදුරා බීමතින් ඉදලා.....
මත්පැන් පානය කර මගීන් රැගෙන ගිය පෞද්ගලික බස් රථ රියදුරෙක් බණ්ඩාරගම ගැලනිගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ වනවිටත් බස් රථයේ මගීන් 50 කට වැඩි පිරිසක් සිට ඇති බව පොලිසිය වාර්තා කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර - හොරණ පෞද්ගලික බස් රථයක රියදුරෙක් බවයි වාර්තා වෙන්නේ.
මෙම බස් රථය හොරණ සිට අපරික්ෂාකාරී අයුරින් ධාවනය කර ඇති අතර, පසුව පොලිසිය ඒ පිළිබදව නිරීක්ෂණය කොට රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රියදුරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සදහන් කරයි.