කොටහේනේ වෙඩි තැබීම ඉන්දීය පාතාලයේ වැඩක්ලු..

Report

මැයි 16 සවස කොටහේන සුමිත්‍රාරාම පාරේ නිවසක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීම, කාලයක් තිස්සේ කොළඹ පුරා පැතිරුණු අපරාධ රැල්ලේ තවත් මඩලක් බව පොලිසිය සඳහන් කරයි.

කථන, ශ්‍රවණාබාධිත දැරියකගේ මළ සිරුරක්

කථන, ශ්‍රවණාබාධිත දැරියකගේ මළ සිරුරක්

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි තැබූ මෙම ප්‍රහාරයෙන් වයස අවුරුදු 42ක් වූ පිරිමියෙකු සහ 70ක් වූ කාන්තාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඛනිජ තෙල් සංස්ථාවට iPhone දෙක ගානේ

ඛනිජ තෙල් සංස්ථාවට iPhone දෙක ගානේ

ඔවුන්ගේ තත්වය ස්ථාවරය. පොලිස් විමර්ශන අනුව, මෙම වෙඩි තැබීම දැනට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින පූකුඩි කන්නා නමැති කුප්‍රකට අපරාධකරුවකු විසින් මෙහෙයවූවක් විය හැකි බවට සැකයකි.

මෙහි ඉලක්කය වූයේ පසුගිය කාලයේ මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ 'කුඩු සෙල්වී'ගේ පවුලට සම්බන්ධ පුද්ගලයින් බවයි.

පොලිසිය පවසන්නේ, මේ වගේ ප්‍රහාර කුලී ඝාතකයින්ගේ ක්‍රියාකාරකම්වලින් සිදුවන අතර, දැන් ඔවුන් විරුද්ධ කණ්ඩායම් සාමාජිකයන්ට පමණක් නොව, ඔවුන්ගේ නෑදෑයින් හෝ මිතුරන් වැනි අයද ඉලක්ක කරමින් පළිගැනීම් සිදුකරන බවයි.

මැයි 19 ජාතික රණවිරු උළෙලට ජනපති එන්නෑ

මැයි 19 ජාතික රණවිරු උළෙලට ජනපති එන්නෑ

සිද්ධිය සම්බන්ධයෙන් කොටහේන පොලිසිය සහ අපරාධ විමර්ශන ඒකකය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, CCTV දර්ශන හා සාක්ෂි මත පදනම්ව සැකකරුවන් හඳුනා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වේ.