කොරතොට වෙඩි වරුසාව ගැන විස්තර රැසක් එළියට - වෙඩි තියන කොටත් තුන්දෙනා ඉඳලා තියෙන්නේ අවුරුදු සමරන ගමන් [UPDATE]

Report

පොලීසිය මඟින් නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (1) රාත්‍රියේ තිදෙනෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට සමත්ව ඇත.

ඒ අනුව නවගමුව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ, කුලී පදනම මත ලබාගත් නිවසක සිටි පුද්ගලයින් තිදෙනෙකුට බවයි.

එමෙන්ම යතුරුපැදියකින් හා ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් අඳාළ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව මූලික විමර්ශනයේදී හෙළිව තිබෙනවා.

මෙහිදී නිවසේ නාන කාමරය අසලදී වෙඩි ප්‍රහාරට ලක්ව සිටි එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පවසයි.

වෙඩි වරුසාවක් - එක් අයෙක් මිය ගොස් තිදනෙකුට තුවාල

වෙඩි වරුසාවක් - එක් අයෙක් මිය ගොස් තිදනෙකුට තුවාල

එසේම වෙඩි වැදීමෙන් රෝහල් ගතකර ඇත්තේ, අම්බලන්තොට වාඩියගොඩ සහ දෙමටගොඩ ගැවලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔවුන් අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට හෝමගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම ඉන් එක් අයෙකුගේ ශරීරයේ උණ්ඩ 4ක් සහ අනෙක් පුද්ගලයාගේ ශරීරයේ එක් උණ්ඩයක් ඇති බව ද වාර්තා වේ. තවද සිද්ධිය වූ ස්ථානයේ තිබී මිලිමීටර් 9 නවය වර්ගයේ උණ්ඩ කොපු 15ක් හමු වූ බවද පොලිසිය ප්‍රකාශ කරයි.

එබැවින් ඊයේ (01) රාත්‍රී 9.30 ත් 10ත් අතර කාලයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවට පොලීසිය සැකපළ කළා. වෙඩි වැදුණු තරුණයින් තිදෙනා අදාළ කුලී නිවසට මීට මාස එකහාමාරකට පමණ පෙර පදිංචියට පැමිණ ඇත.

වායුගෝලයේ කැලඹීම වැඩිවෙයි - ඉදිරි දිනවල රටට වෙන දේ ගැන නිවේදනයක්

වායුගෝලයේ කැලඹීම වැඩිවෙයි - ඉදිරි දිනවල රටට වෙන දේ ගැන නිවේදනයක්

එමෙන්ම ඔවුන් තිදෙනා නව වසර උදාවීම නිමිත්තෙන් මත්පැන් සාදයක් පවත්වන අතරතුරදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, මෙය යම් පාතාල කණ්ඩායම් දෙකක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බවට පොලීසිය සැක කරන බව සඳහන්.

කෙසේ වෙතත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලීසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි

මාව හොඳටම රැවැට්ටුවා මට බැලුවෙ නෑ - සමසිරි සැමියා ගැන කියන්න සංජානා නැවතත් කට අරියි