යාපනයේ වෙළෙඳසැලකට කඩු ප්‍රහාරයක් – ව්‍යාපාරිකයාට බරපතල තුවාල
යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ වෙළඳසැලකට කඩා වැදුණු මැරයින් දෙදෙනෙකු ව්‍යාපාරිකයකුට කඩු ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, එය වෙළඳසැලේ CCTV කැමරා පද්ධතියෙහි පටිගත වී තිබේ.
ඊයේ (04) සිදු වූ මෙම පහරදීමෙන් ව්‍යාපාරිකයාගේ අතට බරපතල තුවාල සිදුවී ඇති අතර, ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සැත්කමකට ලක්කර තිබේ. සැත්කමෙන් අනතුරුව ඔහුගේ අතේ ඇඟිල්ලක් ඉවත් කිරීමට සිදුවී ඇත.
කඩු ප්‍රහාරය එල්ල කළ මැරයින් දෙදෙනා යතුරු පැදියකින් පැමිණ, පහරදීමෙන් පසු පලා ගොස් ඇති අතර, ඔවුන් පලා ගිය ආකාරය සහ ප්‍රහාරය එල්ල කළ අයුරු CCTV දර්ශනවල පැහැදිලිව සටහන් වී ඇත.
පොලිසිය CCTV දර්ශන අධ්‍යයනය කරමින් සැකකරුවන් හඳුනා ගැනීමට උත්සාහ දරයි. මෙතෙක් කළ පරීක්ෂණවලදී එක් සැකකරුවෙකු පැහැදිලිව හඳුනාගත හැකිව තිබේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් අතර භීතියක් හටගෙන ඇති අතර, පොලීසිය හැකි ඉක්මනින් මැරයින් හඳුනාගෙන අතඩංගුවට ගැනීමට කටයුතු කරමින් පවතී.
