කිරිඳි ඔය අවට ඉන්න ජනතාවට විශේෂ දැනුම්දීමක්
By Kanchana
වැල්ලවාය සහ කිරිඳි ඔය ඉහල ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ (17) පස්වරුවේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනය සමග කිරිඳි ඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ.
ඊයේ (17) පස්වරුවේ සිට රාත්‍රි කාලය දක්වා විශාල ජල පහරක් කිරිඳි ඔයේ දකින්නට ලැබී තිබේ.
එම හේතුව නිසා කිරිඳි ඔය පහල කොටසේ ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුවත් කර ඇත.
එවගේම කිරිඳි ඔය දෙපස ජනතාව සහ කිරිදි ඔය භාවිතයට ගන්නා ජනතාව අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි.
එයට හේතුව ඊයේ දිනයේදී මෙන් අද (18) පස්වරුවේ ද විශාල වර්ෂාපතනයක් ලැබුණහොත් මෙම තත්ත්වය යළිත් ඇතිවිය හැකිය.
එම නිසා කිරිඳි ඔය අවට ජනතාවට විමසිල්ලෙන් පසුවෙන ලෙස නැවතත් දැනුම් දීම් සිදුකර තිබේ.