දෙවියනේ ගැබ්බර මුව අම්මා මැරූ කතාවේ තවත් කතාවක් එලියට

Report

ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සංවේදී සිදුවීමක් පසුගියදා වාර්තා විය.

ඒ අනුව එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්නකිරීමේදී තවත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ. මෙම ප්‍රශ්නකිරීමේ දී තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, බෝර 12 බලපත්‍ර රහිත ගිනිඅවි 3ක්ද පොලීසිය සිය භාරයට ගත් බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. එම්. එම්. චන්ද්‍රසිරි මහතා පැවසීය.

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

අනේ දෙයියනේ - පාසලේ වහලේ කඩන් වැටිලා දරුවෝ 7ක් මියගිහින් 2ක් තාම දැඩි සත්කාරේ

ඊයේ (25) අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් දෙදෙනාගෙන් සහ සිවිල් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී හෙළි වී ඇත්තේ, වහකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙම ගැබ්බර මුව දෙන දඩයම් කිරීමට පැමිණ ඇති බවයි. එමෙන්ම ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකුගේ සහෝදරයෙකු පොලිස් සැරයන්වරයෙකු බව පවසා තිබේ.

මුවදෙන ඝාතනය කිරීමෙන් පසු රැගෙන යාමටත්, ප්‍රදේශවාසීන් සිද්ධිය දුටු නිසාත් ඔවුන් මෙම පොලිස් සැරයන් සහෝදරයාගේ සහාය පතා තිබේ. ඒ අනුව අදාළ සහෝදර පොලිස් සැරයන්වරයා තවත් පොලිස් සැරයන්වරයකුගේ සහය ලබාගෙන සහෝදරයා වෙඩිතැබූ මුවදෙන ආසන්නයට ගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

මේ අතර ප්‍රදේශවාසීන් විසින් පහර දුන් බව ප්‍රකාශ කරමින් මකුළුගස්වැව පොලීසියේ පොලිස් ජීප් රථ රියදුරු ගලේවෙල රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබන බවද පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට අනවසර ගිනිඅවි ළඟ තබාගැනීම, රක්ෂිතයේ සිටි මුව දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම යන චෝදනා එල්ලකර ඇත.

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා