සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකුට අකරතැබ්බයක්
සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර ගලප්පත්තිගේ ඡායාරූපයක් සහිත Whatsapp අංක භාවිත කරමින් ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර කිරීමට යැයි පවසමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් පිළිබඳ මාතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ .
මෙම ජාවාරම සිදු කරන සැකකාර පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් චතුර ගලප්පත්ති මන්ත්‍රිවරයාගේ රුව හා C. ගලප්පත්ති යන නම සහිත ව්‍යාජ Whatsapp මගින් මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන්, විහාරස්ථානවල ස්වාමින්වහන්සේලා, උපකාරක පන්ති ගුරුවරුන් ඇතුළු ඇති හැකි පිරිස් වෙත ඉතා සූක්ෂම අයුරින් මෙලෙස පණිවුඩ සහ දුරකථන ඇමතුම් ලබා දෙන බව වාර්තා වේ.
ඔවුන් කටයුතු කර ඇත්තේ බැංකු ගිණුම් වලට මුදල් ලබා ගැනීමටයි.
මෙම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර ගලප්පත්තිගේ උපන් දින යෙදී තිබුණු ඊයේ (11 වැනිදා) දින මෙම ක්‍රියාව සිදුකර තිබේ.
මන්ත්‍රීවරයාගේ හිතවතුන් පිරිසක් විසින් ඒ පිළිබඳ චතුර ගලප්පත්ති මන්ත්‍රිවරයාගෙන් විමසා සිටීමෙන් පසු එම තොරතුරු මත මේ පිළිබඳ සොයා බලීම් සිදුකර තිබේ.
ඉන්පසුව මෙම ව්‍යාජ කටයුත්ත පිළිබද දැන ගැනීමට හැකිව තිබේ.
ඒ වගේම ඒ වන විටත් එක් උපකාරක පන්ති ගුරුවරයකු එක් ගිණුමකට මුදල් බැර කර තිබුණි.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර ගලප්පත්ති කියා සිටියේ තමාගේ රුව සහිත ව්‍යාජ Whatsapp අංක හරහා මෙම ජාවාරම කිරීමට උත්සාහ දරා ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මේ වනවිට ඒ සම්බන්ධව සැකකාර පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් භාවිත කරන ලද දුරකථන අංක 03 ක් වගේම මහජන බැංකුවේ හා කොමර්ෂල් බැංකුවේ ගිණුම් අංක දෙකක් හඳුනා ගැනීමට හැකි වූ බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර ගලප්පත්ති ප්‍රකාශ කළේ තමා මේ සම්බන්ධයෙන් මාතර මූලස්ථාන පොලිසියට පැමිණිලි කළ බවත් අදාළ තොරතුරු ගොනුවක් සකසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට පියවර ගත් බවයි.