මෙන්න කෙහෙල්බද්දර පද්මේ එක එක වමාරලා - උප පොලිස් පරීක්ෂකවරයෙකුත් සම්බන්ධයිලු
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාළ උප පොලිස් පොලිස් පරීක්ෂකවරයා ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කරන අයෙකු බවයි.

තිරිසන් සතා කිව්වේ ඕකනේ - සත්තු වත්තේ හැමදාම කෑම දීලා ආදරෙන් බලාගත්තු මනුස්සයව සිංහයෝ හතක් කෑලි කරලා
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබු කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු පසුගියදා දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරනු අතර එහිදී හෙළි වු තොරතුරු අනුව සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන
