නුවරඑළියට යන ඔයාට දරුණු අනතුරු ඇගවීමක්
By Mithu
අද (22) දිනයේ වාර්තා වූ අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 3.5ක් ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
අද අලුයම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත මධ්‍යස්ථානවලින් ලබාගත් තොරතුරු අනුව මෙය වාර්තා වූ අවම උෂ්ණත්වය වන අතර, මෑත කාලයේ වාර්තා වූ උෂ්ණත්ව අගයන්ගෙන් වඩාත් පහළ අගයක් බවද සඳහන් කර ඇත.
අදාළ දත්ත අනුව, බණ්ඩාරවෙල උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක්, බදුල්ලේ 15.1ක්, කටුගස්තොට 15.9ක් ලෙස වාර්තා වී තිබේ.
වැඩිම උෂ්ණත්වය මට්ටම මුලතිව්වල සෙල්සියස් අංශක 25.3ක් ලෙස වාර්තා වී ඇති අතර, හම්බන්තොට 22°C සහ කොළඹ 22.1°C ලෙස සටහන්ව තිබේ.