NBRO නිර්දේශ අනුව මහනුවර නගරයම ඉවත් කරන්න වෙයි - ලාල් කාන්ත

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) මඟින් නිසි නිර්දේශ ලබා දෙන තෙක් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමට අපහසු බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නිකුත් කරන ලද නිවේදනය අනුව ගත් කල මහනුවර ලංකාවේ වෙනත් ප්‍රදේශයකට ගෙන යාමට සිදුවිය හැකි බවයි.

එසේම ඔහු සඳහන් කළේ මුල් කාලයේදී කුරුණෑගල නුවර මාර්ගය හා ගලගෙදර ගැටළුව වැනි ප්‍රධාන මාර්ග ගැටලු සකස් කර ගැනීමට හැකි වුවත් ඉදිරියේදී පාසල් ආරම්භ කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්ව ඇති බවයි.

එමෙන්ම මෙම තීරණ විශ්වාසනීයව ගැනීමට නොහැකි බවත්, ඉලක්කය විය යුත්තේ සුරක්ෂා මධ්‍යස්ථාන වැඩි කිරීම නොව ඒවා අඩු කර, ජනතාව සාමාන්‍ය ජන ජීවිතයට යොමු කරවීම බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

එසේ වුවත් ඔහු අනතුරු අඟවන්නේ NBRO නිවේදනය අනුව, පාසල් ආරම්භ කිරීමට කටයුතු කළහොත් පාසල්වලට තවදුරටත් ජනතාව ගෙන ඒමට සිදුවනු ඇති බවටයි.

එසේම පදිංචි කරන්නේ කොතැනද, සුරක්ෂා මධ්‍යස්ථාන තබා ගන්නවාද නැද්ද, ඉස්කෝලේ පටන් ගන්නවාද නැද්ද සම්බන්ධයෙන් නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීමට අපහසු වී ඇත්තේ ද NBRO හි නිසි නිර්දේශ නොලැබීම නිසා බව ද ඔහු පවසයි.

කෙසේ වෙතත් මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තීරණාත්මක තත්ත්වයකට පත්ව තිබෙන අතර, ඉකුත් දිනවල ක්‍රියාත්මක වූ කණ්ඩායම් අටක් තිබුණද එය ප්‍රමාණවත් නොවන බවත්, එම සංඛ්‍යාව දැන් වැඩි කර ඇතත් එය ද ප්‍රමාණවත් නොවන බවද ඔහු පවසා ඇත.

එබැවින් මෙම ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගයක් ලබා ගනිමු ද යන යෝජනාව පවා සාකච්ඡාවට බඳුන් වූ බව ඇමති ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරයි.

මේ අතර සාකච්ඡාවේදී මතු කරන ලද ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ සමස්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වෙනත් ස්ථානයකට ගෙන යාමට නොහැකි බැවින්, අත්‍යාවශ්‍යම නිශ්චිත ආරක්ෂිත ස්ථාන ටික ලබා දෙන මෙන් බව ද වාර්තා වේ.

දෙසැම්බර් 16 ආරම්භ නොවන පාසල් ගැන නිල දැනුම්දීමක් - විවෘත කිරීමට නොහැකි පාසල් 147 මෙන්න

දෙසැම්බර් 16 ආරම්භ නොවන පාසල් ගැන නිල දැනුම්දීමක් - විවෘත කිරීමට නොහැකි පාසල් 147 මෙන්න

ලංකාවට සුභම සුභ ආරංචියක්

ලංකාවට සුභම සුභ ආරංචියක්