මහනුවර - යාපනය මාර්ගයේ යන අයට සුබ ආරංචියක් - දින 273ක් ඇතුළත උමං මාර්ගයක්
මහනුවර නගරයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගවලින් එකක් වන මහනුවර - යාපනය මාර්ගයේ මහයියාව උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දින පෙරවරුවේ සිදුව තිබුණා.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ රුපියල් මිලියන 699.6ක වියදමින් මෙම උමං මාර්ගය ඉදි කරයි.
එමෙන්ම එහි ඉදිකිරීම් අද සිට දින 273ක් ඇතුළත අවසන් කිරීමට ද නියමිතව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා උමං මාර්ගයේ සැලැස්ම නිරීක්ෂණය කරමින් නිලධාරින් සමඟ කෙටි සාකච්ඡාවක නිරත වූ අතර එම ස්ථානයට රැස්වී සිටින ජනතාව සමඟ ද සුහද කතා බහක නිරතව තිබුණා.