අධික වර්ෂාපතනය සමඟ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි...

By Parami Dissanayake May 16, 2024 06:20 PM GMT
Report

අද (16) පස්වරුවේ මහනුවර නගරයට ඇද හැළුනු මහා වර්ෂාව හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

එමෙන් ම, මහනුවර නගරයට පස්වරු 2.00 පසු මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයක් එකවර ඇදහැලුන අතර එම වර්ෂාවත් සමඟ බෝගම්බර ඉහළ කඳු මුදුනින් ගලා ආ විශාල ජල පහරකින් දුම්රිය ස්ථානයේ ඉදිරිපස සම්පූර්ණයෙන් යට වී ගිය අතර දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගද සැලකිය යුතු මට්ටමකින් ජලයෙන් යට වූ බව වාර්තා වේ.

Password ඔක්කොම අමතකයි ද? එහෙනම් මේ video එක ඔයාට...

Password ඔක්කොම අමතකයි ද? එහෙනම් මේ video එක ඔයාට...


කාණු කසලවලින් පිරීයාමත් නගරය පුරා අනවසර ඉදිකිරීම් නිසාත් නගරය ජලයෙන් යටවී ඇති බවත්, දුම්රිය ස්ථානය ජලයෙන් යටවූයේ අවිධිමත් ලෙස කාණු සැකසීම හා කාණු වසා දමා තිබීම හේතුවෙන් බවත් එම මධ්‍යස්ථානය වැඩි දුරටත් සඳහන් කළේ ය

අධික වර්ෂාපතනය සමඟ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවෙයි... | Kandy City Gets Flooded Due To Rain