කණ්ඩලමේ හැඩකාරයාට පිං දෙයි

Report

කණ්ඩකමේ හැඩකාරයා ලෙසින් හැදින් වූ වන අලියා ඊයේ (13) දින ජීවිතක්ෂයට පත් වූ බැවින් වන අලියාට පින් අනුමෝදන් කිරීම අද (14) දින සිදුව ඇත.

වන අලියා මිය යන විට අවුරුදු 25 ත් 30 අතර වයසේ පසු වූ අතර මෙම සද්දන්තයාගේ ඉදිරි පාදයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවු බව වාර්තා විය.

ඇමති වසන්ත සමරසිංහ කැබිනට්ටුවෙන් දොට්ට..

ඇමති වසන්ත සමරසිංහ කැබිනට්ටුවෙන් දොට්ට..

කෙසේ වෙතත් අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම වනඅලියා අවස්ථා රැසකදීම වෙඩි ප්‍රහාරයන්ට ලක්ව සිටි බව සඳහන්.

වන අලියා මීට වසරකට පමණ පෙරද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඉන් ප්‍රතිකාර ලබා වනයට මුදාහැර සිටියද නැවත ඉදිරි පාදයට වෙඩි වැදී තුවාල ලබා කණ්ඩලම ජලාශයේ සිටි මෙම සද්දන්තයාට ඉකුත් දින කිහිපයේම වනජීවි නිලධාරීන් ප්‍රතිකාර සිදු කළා.

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

එහෙත් එසේ ප්‍රතිකාර ලබමින් සිටියදීම ‘කණ්ඩලමේ හැඩකාරයා‘ නැමති මෙම හස්තියා ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත් විය.

මේ අතර ඉකුත් දා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා දිවයින පුරා වෙඩි ප්‍රහාරයන්ට ලක්ව තුවාල ලැබූ වන අලි 21 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබන බව සඳහන් කළා.

පාඩු පිට දිව්ව ගමේ බස්වලට මෙන්න රජයෙන් සුබ ආරංචියක්

පාඩු පිට දිව්ව ගමේ බස්වලට මෙන්න රජයෙන් සුබ ආරංචියක්