ඛනිජ තෙල් සහ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඇමති කංචනගෙන් පප්‍රකාශයක්

By Sithumi Aug 21, 2022 03:57 PM GMT
Sithumi

Sithumi

Report

   වෘත්තීය සමීතිවල විරෝධය නොසලකා ඛනිජ තෙල් සහ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි .

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති මේවනවිටත් දැනුවත් කර ඇති බවයි. එහෙත් ඊට විරෝධය පල කරමින් වෘත්තීය සමිති යලිත් හෙට උද්ඝෝෂණයක් සිදු කිරීමට සූදානම් වන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම ට්විටර් පණිවිඩය නිකුත් කර ඇත.