''කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාව අවධානයෙන් සිටින්න'' - අදත් වැස්සොත් සුළු ගංවතුරක් ඇතිවිය හැකියි

Report

අද දිනයේත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණහොත් අත්තනගලු ඔය සහ කළු ගඟේ පහළ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.

මේ වන විට අත්තනගලු ඔයේ සහ කළු ගඟේ මිල්ලකන්ද සහ ඇළගාව ස්ථානවල ජල මට්ටම් ඉහළම අගයක පවතින බවද ඔහු සඳහන් කරයි. මේ අතර කැලණි ගඟ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ නොගියද ක්‍රමයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන අතර තවමත් ගංවතුර අවදානමක් නොමැති බවද ඔහු පවසයි.

එලෙසම නිල්වලා, ගිං, කැලණි, කළු, අත්තනගලු සහ බෙන්තර මෙම සියලු ගංගාවල පහළ ප්‍රදේශවල ජල මට්ටම මේ වන විට යම්තාක් දුරට ඉහළ ගොස් ඇති බවද පවසයි.

කෙසේ වෙතත් ඉදිරි කාලගුණික තත්ත්වය අනුව ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් අදාළ ගංගාවල පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාව විමසිල්ලෙන් සහ අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

අස්වැසුම ලාභීන්ට සැප්තැම්බර් මස දීමනාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

අස්වැසුම ලාභීන්ට සැප්තැම්බර් මස දීමනාව ලබා දීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

නිදන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නිදන් හාරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට