යුද්ධයෙන් ආබාධිත වූ සියලු දෙනාට සාධාරණයක් ඉටු කළ බව ආරක්ෂක ඇමති කියයි...

By Parami Dissanayake Jul 30, 2024 05:42 PM GMT
Report

අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, යුද්ධයේ දී ආබාධිත වූ සියලු සෙබළුන්ට දීමනා ලබාදීම, වෛද්‍යමය පුනරුත්ථාපනය සහ ජීවිත කාලය පුරා රැකබලා ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ඔස්සේ ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් උපරිම සාධාරණය ඉටු කර ඇති බව ය.

ඉන්දියාවේ නාය යාමකින් පුද්ගලයින් 90කට වැඩි පිරිසක් මරුට...

ඉන්දියාවේ නාය යාමකින් පුද්ගලයින් 90කට වැඩි පිරිසක් මරුට...

ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් රට ස්ථාවරත්වයට පත් කිරීම සඳහා ගෙවී ගිය දෙවසර තුළ ආරක්ෂක අමාත්‍යාංශය පියවර රැසක් ගෙන ඇති බව ප්‍රකාශ කළ ආරක්ෂක ලේකම්වරයා ජනතාව වෙනුවෙන් යහපත්, සුරක්ෂිත පරිසරයක් සහතික කර ඇති බවයි සඳහන් කළේ ය.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය කැපී පෙනෙන ලෙස ඉහළ නංවමින් සිසුන් වැඩි පිරිසකට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සළසා දී ඇති අතර සිවිල් වෛද්‍ය ශිෂ්‍යයින් බඳවා ගැනීමද මේ වන විට ආරම්භ කර ඇති බව ඔහු පැවසුවේ ය.