ඉන්දියාවේ නාය යාමකින් පුද්ගලයින් 90කට වැඩි පිරිසක් මරුට...
By Parami Dissanayake
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 93 දෙනෙකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවත්, විශාල පිරිසක් නායයෑමට හසුවී අතුරුදන්ව ඇතැයි මාධ්‍ය පවසනවා.
පවතින අධික වර්ෂාව හේතුවෙන් අනතුරට පත් පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම්වලට පවා දැඩි බාධා එල්ල වී ඇත. එමෙන් ම, බලධාරීන් අනතුරු අඟවන්නේ, මියගිය ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවයි.
කෙසේ වෙතත්, සෝදිසි මෙහෙයුම් සඳහා හමුදා නිලධාරීන් 200කට වැඩි පිරිසක් මේ වනවිට යොදවා ඇති බව ද වාර්තා වේ.