අද කාලගුණය පිළිබඳ නවතම අනතුරු ඇඟවීම

TN Weather Weather Latest Headlines Rain Sinhala news
By Shehan Jun 27, 2025 02:24 AM GMT
Shehan

Shehan

Report

අද (27) දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වනු ඇත.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ව්‍රායි නීතිය කඩපු නිසා කොළඹ මංගල සභා රැස්වීම කල් යයි

ව්‍රායි නීතිය කඩපු නිසා කොළඹ මංගල සභා රැස්වීම කල් යයි

ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් හෝ රාත්‍රී කාලයේදී ස්වල්ප ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 30-40ක පමණ තද සුළං විටින් විට ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

වැලිගම බලයට සජබයෙන් පාතාල ලොක්කෙක්

වැලිගම බලයට සජබයෙන් පාතාල ලොක්කෙක්

ReeCha