ඇමරිකාවම හෙල්ලෙයි - රටේ ලොකුම බැංකුවට සයිබර් ප්‍රහාරයක් - ගනුදෙනුකරුවන්ගේ තොරතුරු අනතුරේ?
එක්සත් ජනපදයේ විශාලතම බැංකුව වන 'ජේපී මෝර්ගන් චේස්' (JPMorgan Chase), එම මූල්‍ය ආයතනයට සේවා සපයන බාහිර සමාගම් හරහා එල්ල වූ සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ.
මූලික විමර්ශනවලට අනුව, සයිබර් අපරාධකරුවන් ඉලක්ක කර ඇත්තේ බැංකුව හා සම්බන්ධ බාහිර සේවා සපයන්නන් වන අතර, එමගින් එම සමාගම් සතුව ඇති තොරතුරුවල ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු වී තිබේ.
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ප්‍රකාශයක් - ඉතිහාසයේ කිසිදු රජයක් මෙවැනි වැටුප් වැඩිවීමක් කර නැහැ
විවිධ ව්‍යාපාරික සහ තාක්ෂණික කටයුතු සඳහා බාහිර සේවා සපයන්නන් මත යැපෙන ප්‍රධාන මූල්‍ය ආයතන මුහුණ දෙන සයිබර් ආරක්ෂණ අවදානම් මෙම සිදුවීම මගින් මනාව පෙන්නුම් කරයි.
සමාගමක අභ්‍යන්තර පද්ධති සෘජුවම අනතුරට ලක් නොවූවද, බාහිර පාර්ශ්ව හරහා එල්ල වන සයිබර් ප්‍රහාර මගින් සංවේදී තොරතුරු අනාවරණය වීමටත්, ආරක්ෂක දුර්වලතා ඇති වීමටත් ඉඩ ඇත.
කෙසේ වෙතත්, මෙම දත්ත කඩවීමේ (data breach) ප්‍රමාණය, අනවසරයෙන් ප්‍රවේශ වීමට ඉඩ ඇති තොරතුරු මොනවාද සහ පාරිභෝගිකයින්ට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් තහවුරු වී නොමැත.
මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව ප්‍රහාරකයින් එම සේවා සපයන සමාගම් සතුව තිබූ ඇතැම් අලෙවිකරණ දත්ත වෙත ප්‍රවේශ වී ඇති බවට විශ්වාස කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් JPMorgan ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත.
එම දත්ත අතර ගනුදෙනුකරුවන්ගේ නම් සහ විද්‍යුත් තැපැල් ලිපින ද ඇතුළත් විය හැකි බව ඔහු සඳහන් කර ඇත. විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සයිබර් ප්‍රහාරයෙන් බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන් සම්බන්ධ කරගැනීමට කටයුතු කරන බව ද JPMorgan ආයතනය ප්‍රකාශ කර ඇති බවයි.