ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් නවතම නිවේදනයක්- තද සුළං සහ අකුණු අනතුරු ගැනත් දැනුම්දීමක්

Report

ඉදිරි පැය 36ක කාලය සඳහා බලපැවැත්වෙන කාලගුණ අනාවැකිය ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව ද කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

2026 නොවැම්බර් 19 වැනිදා පස්වරු 4.00ට නිකුත් කර ඇති මෙම කාලගුණ අනාවැකිය ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වේ.

අක්වාන් සුළි කුණාටුව තාම ඉවර නෑ - හෙට 11.30 ට වෙන්න යන දේ - ශ්‍රී ලාංකික ධීවරයින්ටත් අනතුරු ඇඟවීමක්

අක්වාන් සුළි කුණාටුව තාම ඉවර නෑ - හෙට 11.30 ට වෙන්න යන දේ - ශ්‍රී ලාංකික ධීවරයින්ටත් අනතුරු ඇඟවීමක්