අතුරුදන් වු ජර්මන් කත හමුවේ. සිදුව තිබු දේ මෙන්න.

By Sithumi Dec 04, 2021 11:08 AM GMT
Sithumi

Sithumi

Report

රී ලංකාවට පැමිණ සිටි ජර්මන් ජාතික සිය බිරිඳව ඝාතනය කර ඇති බවට පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබී තිබුණි. 

 ජර්මනියේ සිටින ඇයගේ සැමියා විසින් එම පැමිණිල්ල සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කළේය. ජර්මන් ජාතික පුද්ගලයා පොලිස් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සිය බිරිඳව පැහැරගත් පුද්ගලයින් තමාට දුරකථනයෙන් අමතා මුදල් ද ඉල්ලා සිටි බවය. පසුව ඇය පිළිබඳව තොරතුරක් නොමැති බවද පවසා තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ ජර්මන් ජාතික කාන්තාව ඝාතනය වී නොමැති බවය. ඇය තම කැමැත්තෙන් මීගමුව ප්‍රදේශයේ ජීවත්වෙන බවද සොයාගෙන තිබේ. 

ඉකුත් අප්‍රේල් 24වනදා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අදාළ ජර්මන් ජාතික කාන්තාව මීගමුව ප්‍රදේශයේ රැඳී සිටියදී එලෙස සොයාගෙන ඇති අතර විමර්ශන කටයුතු සඳහා ඇයව කොච්චිකඩේ පොලීසිය වෙත භාරදී තිබේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW