ජනපති ට්‍රම්ප්ගේ ජීවිතය අනතුරේ - මරණ තර්ජන
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා දින ටෝකියෝවට පැමිණීමත් සමඟ ජපානය නාටකාකාර ලෙස ආරක්ෂාව තර කර ඇති අතර පොලිස් නිලධාරීන් 18,000 ක් සහ ඇමරිකානු නායකයාගේ දින තුනක සංචාරය සඳහා නිරන්තර සීරුවෙන් සිටින විශේෂඥ හදිසි ප්‍රතිචාර කණ්ඩායමක් රාජකාරියේ යෙදී සිටියි.
සිකුරාදා දින මධ්‍යම ටෝකියෝවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට ස්ථානගත කර ඇති පොලිස් නිලධාරියෙකුට පිහියක් අතැති පුද්ගලයෙකු විසින් පහර දීමත් සමඟ මෙලෙස ආරක්ෂාවක් අවශ්‍ය බව බලධාරීන් තීරණය කර ඇත. අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා සැක කටයුතු ලෙස ක්‍රියා කර ඇති අතර පොලිස් නිලධාරියාටද සුළු තුවාල සිදුවී ඇත.
ට්‍රම්ප් සිය රට තුළ මෑත කාලීනව ඝාතන උත්සාහයන් දෙකක ඉලක්කයක් වී ඇති බැවින්, ඉහළ පෙළේ ආරක්ෂාවක් අවශ්‍ය බව විශ්ලේෂකයින් යෝජනා කර ඇත. 2022 ජූලි මාසයේදී හිටපු අගමැති ෂින්සෝ අබේ ඝාතනය වූයේ ද එවැනි හුදකලා වෘකයා නම් ප්‍රහාරකයෙකු අතින් වන අතර 2023 අප්‍රේල් මාසයේදී අගමැති ෆුමියෝ කිෂිඩාට ද හුදකලා ප්‍රහාරකයෙකු විසින් නල බෝම්බයක් එල්ල කිරීමට උත්සාහ කර ඇත.
ට්‍රම්ප් ජනාධිපතිවරයා ගැවසෙන ස්ථානවලට ආසන්නව පිහිටි ගොඩනැගිලි සහ ඉහළ ස්ථාන පිළිබඳව ජපන් පොලිසිය දැඩි අවධානයක් යොමු කර ඇත. ප්‍රහාර සඳහා භාවිතා කළ හැකි ඩ්‍රෝන යානා අක්‍රිය කළ හැකි උපකරණ ද යොදවා ඇති අතර තුවක්කු ඇති ප්‍රහාරකයන් සමඟ කටයුතු කිරීම සඳහා සන්නද්ධ වේගවත් ප්‍රතිචාර ඒකකයක් යොදවා තිබේ.
ජනතාව වැඩි වශයෙන් ගැවසෙන දුම්රිය ස්ථාන වැනි මෘදු ඉලක්ක පිළිබඳවද බලධාරීන් අවධානයෙන් සිටිනවා. ජනාධිපතිවරයා ටෝකියෝවට පැමිණීමට පෙර සිකුරාදා දින අමෙරිකානු තානාපති කාර්යාලය පිටත සිටි පොලිස් නිලධාරියෙකුට පිහියකින් පහර දීමට උත්සාහ කළ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ, ට්‍රම්ප් ජනාධිපතිවරයාට යම් හානියක් සිදු වුවහොත් එය ජපානයේ වැදගත්ම ආරක්ෂක සහකරු සමඟ ඇති සබඳතාව විනාශ වනු ඇති බවයි. ට්‍රම්ප් ජනාධිපතිවරයා බදාදා දින දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගිතා (APEC) සමුළුව සඳහා පිටත්ව යාමට නියමිතයි.