“නඩු ගැන කියලා මන්ත්‍රීවරු බය කරලා සල්ලි ඉල්ලනවලු” - ජගත් විතානගෙන් චෝදනාවක්

Report

අධිකරණය හමුවේ නඩු පවතින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම නඩු සම්බන්ධයෙන් සහාය ලබාදෙන බව පවසමින් ඔවුන්ගෙන් මුදල් ඉල්ලා බලපෑම් කරන පුද්ගලයන් පිරිසක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානේ මහතා චෝදනා කරයි.

මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස පෙනී සිටින ඇතැම් පුද්ගලයන්, මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු ලබාදෙන බවට තර්ජනය කරමින් මුදල් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

තමන්ටද එවැනි අත්දැකීමකට මුහුණදීමට සිදුවූ බව පවසන මන්ත්‍රීවරයා, මීට වසර 15කට පමණ පෙර සිදුකළ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වෙත හෙළි කරන බව පවසමින් එක් පුද්ගලයෙකු තමන්ගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා සිටි බව සඳහන් කළේය.

තමන් සතු ඉඩමක් නීත්‍යානුකූලව අලෙවි කර ඇති අතර, එහිදී ගැණුම්කරුවන් විසින් මුදල් තම බැංකු ගිණුමට බැර කර ඇති බවද ජගත් විතානේ මහතා පැවසීය.

කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා විසින් එම ඉඩම අධික මිලකට අලෙවි කළ බවට සහ නීති විරෝධී ගනුදෙනුවක් සිදුකළ බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවත්, එම ප්‍රචාර නතර කිරීමට රුපියල් ලක්ෂ 10ක් ඉල්ලා ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

''කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාව අවධානයෙන් සිටින්න'' - අදත් වැස්සොත් සුළු ගංවතුරක් ඇතිවිය හැකියි

''කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිත ජනතාව අවධානයෙන් සිටින්න'' - අදත් වැස්සොත් සුළු ගංවතුරක් ඇතිවිය හැකියි

පැය 24කට නායයෑම් අවදානමක්- දිස්ත්‍රික්ක 3ක ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි!

පැය 24කට නායයෑම් අවදානමක්- දිස්ත්‍රික්ක 3ක ජනතාවට විමසිලිමත් වන්නැයි දැනුම්දෙයි!