අද මේ පාසල් වලට විශේෂ නිවාඩු දිනයක්

Report

යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳහා අද(21) විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය නියෝග කර තිබේ.

ඓතිහාසික යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිලේ තේරු උත්සවය නිමිත්තෙන් මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇත. තේරු උත්සවය දිනයන්හි සාමාන්‍යයෙන් පාසල් නිවාඩු දෙනු ලැබුවත් මෙවර උත්සවය දිනයේ පාසල් දිනයක් ලෙස නම් කර ඇත.

මේ හේතුවෙන් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සත්‍යලිංගම් සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ඊයේ(20) අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී අද නිවාඩුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

ඒ අනුව යාපනය දිස්ත්‍රික් පාසල් සඳහා හෙට නිවාඩුවක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරිය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

කෙසේ වෙතත්, උතුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව විදුහල්පතිවරුන් නිවාඩු ඉල්ලා සිටින පාසල්වලට පමණක් නිවාඩු ලබා දීමට කටයුතු කරමින් සිටින බවත්, එය ගැටළුවක් ඇති කරන බැවින් මේ පිළිබඳව අවධාරණය කිරීම සඳහා නැවත වරක් අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය හමුවන බවත් මන්ත්‍රී සත්‍යලිංගම් මහතා පවසයි.

තවත් ඇදුම් බෙදන ප්‍රධාන සන්නාමයක් ලංකාව අතහරි ආයේ ඒ නමින් ලංකාවට ඇඳුම් නෑ

තවත් ඇදුම් බෙදන ප්‍රධාන සන්නාමයක් ලංකාව අතහරි ආයේ ඒ නමින් ලංකාවට ඇඳුම් නෑ

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්