තවත් ඇදුම් බෙදන ප්‍රධාන සන්නාමයක් ලංකාව අතහරි ආයේ ඒ නමින් ලංකාවට ඇඳුම් නෑ
By Mithu
ප්‍රමුඛ පෙළේ කාන්තා යට ඇඳුම් සන්නාමයක් වූ Triumph නිෂ්පාදනවල ශ්‍රී ලංකාවේ බෙදාහැරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
මෙම තීරණයට හේතුව ලෙස ඉන්දියාවේ පිහිටි Triumph International India සමාගම විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.
දැනට වෙළෙඳපොළෙහි පවතින Triumph නිෂ්පාදන, මීට වසර කිහිපයකට පෙර ආනයනය කරන ලද තොග බව තහවුරු වී තිබේ.
එසේම, ශ්‍රී ලංකාවේ මෙම සන්නාමය නියෝජනය කළ සමාගම දැනට ක්‍රියාත්මක නොවන අතර, එහි හිටපු සේවකයෙකු සඳහන් කළේ ඉන්දියානු මව් සමාගමේ තීරණයකට අනුව මාස හයකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවූ බවයි
. මෙම තීරණය හේතුවෙන් සේවය අහිමි වූ සේවකයන්ට වන්දි ගෙවීමක්ද සිදු කර ඇත.