බීමත් රියදුරෙක් කළ දෙයක් - හිටපු ජනාධිපති රිය අනතුරකට ලක් වෙයි.. (PHOTOS)
By krishani
බීමත් රියදුරෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක් දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමා ගමන් ගත් මෝටර් රථයේ ගැටී තිබෙනවා.
එම සිදු වු අනතුරින් ඔහුට අනතුරක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ඊයේ සවස 81 හැවිරිදි සූමා KwaZulu-Natal ප්‍රදේශයේ දී මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා.
එයින් ඔහු හෝ ඔහුගේ ආරක්ෂකයින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම අනතුර හදිසි අනතුරක් ලෙස වාර්තා වුවද එය කිසියම් සැලසුමක් අනුව ක්‍රියාත්මක වූවක් බවට හිටපු ජනපතිවරයා අයත් පක්ෂයේ නියෝජිතයින් චෝදනා කර ඇත.