සුපිරි ක්‍රිකට් ක්‍රීඩයෙක් දිවි ගමනට සමුදෙයි - ක්‍රිකට් රසිකයින් හඬා වැලපෙයි..(PHOTOS)
By krishani
නවසීලන්ත හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ජැක් ඇලබැස්ටර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 93 වැනි වියේ පසු විය.
නවසීලන්ත කණ්ඩායමේ හොඳම පා දඟ පන්දු යවන්නන් අතරට ඔහු එකතු විය.
1955 සහ 1972 අතර කාලය තුළ ටෙස්ට් තරග 21කට ක්‍රීඩා කරමින් කඩුලු 49ක් දවා ගැනීමට ඇලබැස්ටර් සමත් විය.
ඇලබැස්ටර් නවසීලන්තයේ පළමු ටෙස්ට් ජයග්‍රහණ හතර වෙනුවෙන් දායකත්වය දැක් වූ ක්‍රීඩකයෙක් ද වේ.
එමෙන්ම, 1955-56 දී ඉන්දියාව සහ පකිස්ථානය, 1958 දී එංගලන්තය, 1961-62 දී දකුණු අප්‍රිකාව සහ 1971-72 දී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයන්ට ද ඔහු එකතු වූ ක්‍රීඩකයෙක් වේ.