තවත් මෙරට ක්‍රිකට් තරුවකට පායන්න ලැබුණ පුදුම හිතෙන වරම.. (PHOTOS)
By krishani
විජයකාන්ත් වියස්කාන්ත් සන්රයිසස් හයිද්‍රාබාද් සංචිතයට කැඳවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
ඒ ආබාධයක ලක්වීම හේතුවෙන් මෙවර IPL තරගාවලිය අහිමි වූ වනිඳු හසරංග වෙනුවට ය.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මෙවර IPL තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටියේ ය.
නමුත් ඔහුගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් වනිඳු හසරංගට IPL තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි විය.
ඒ බව පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම්දී තිබුණේ ය.
ඒ අනුව වනිඳු වෙනුවට LPL තරගාවලියෙන් කරළියට පැමිණි විජයකාන්ත් වියස්කාන්ත් සන්රයිසස් හයිද්‍රාබාද් සංචිතයට එක්කර ගැනීමට නියමිත බව වාර්තා වේ.