ජනාධිපති අරමුදලෙන් මාටියා ගැහුවේ මම නෙවෙයි,ඔයාලා මේ නම් පටලන් ඉන්නේ ඉහමොළ රත් වුණ රාධා ක්‍රිෂ්ණන්
ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ලබා ගැනිම පිළිබඳව තම වරප්‍රසාද කඩවිමක් සිදුව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (ස.ජ.බ.) එස්. වි. රාධක්‍රිෂ්ණන් මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාධා ක්‍රිෂ්ණන් මහතා එහිදි වැඩි දුරටත් සඳහන් කළේ ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රවින්ද්‍ර බණ්ඩාර මහතා විසින් අග්‍රාමාත්‍යතුමියගෙන් අසන ලද වාචික ප්‍රශ්නයකට අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රිවරුන්ගේ දරුවන්ට, ඥතින්ට සහ හිතවතුන්ට 2005 වර්ෂයට පසුව ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දිම සම්බන්ධයෙන් විමසිමක් කළ බවයි.
එහිදී අඳාළ නම් ලැයිස්තුව තුළ 2006 වර්ෂයේ හිටපු ජාතික ලැයිස්තු පාර්ලීමේන්තු මන්ත්‍රිවරයෙකු වන වි. රාධාක්‍රිෂ්ණන් මහතා සඳහා කේ. රාධා ක්‍රිෂ්ණන් මහත්මියට විදේශ ශිෂ්‍යත්වයක් ලබාදුන් බව සදහන් වී ඇත.
"එම ප්‍රකාශය පදනම් කර ගෙන වර්තමානයේ පාර්ලීමේන්තුව නියෝජනය කරන මාහට අපහාස වන අන්දමේ අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය තුල සමහර විද්‍යුත් මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා." යනුවෙන් පැවසූ මන්ත්‍රීවරයා සඳහන් කළේ එහි සදහන්වු වි. රාධාක්‍රිෂ්ණන් නාමය පෙරුමාල් පිල්ලේ රාධා ක්‍රිෂ්ණන් විය යුතු අතර ඉන් සදහන් වන්නේ වේලුසාමි රාධා ක්‍රිෂ්ණන් පිළිබඳව නොවන බවයි.
එසේම එවකට ඔහු පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් බවත් පාර්ලීමේන්තුව නියෝජනය නොකළ බවටත් පාර්ලිමේන්තුවටත් රටේ මහජනතාවටත් ප්‍රකාශ කර සිටින බවද ඔහු වැඩි දුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබෙනවා.