ඉසුරු කියන්නේ මම දැකපු හොඳම විනයක් තියෙන රංගන ශිල්පියා-ජනප්‍රිය සුරූපී නිලි චුලක්ෂි රණතුංග (PHOTOS)

By Sithumi Dec 03, 2021 05:36 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ කවුරුත් ආදරය කරන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියලා කියන්නේ. 

ඉතින් ඒ වගේම සිනමා රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන ඇය ප්‍රධාන චරිතය නිරූපණය කල උදයකාන්ත වර්ණසූරිය මහතා අධ්‍යක්ෂණය කළ ගිනි මල් පොකුරු චිත්‍රපටය දෙසැම්බර් 3 වැනිදා එනම් අද දින තිරගත වුණා. 

ඉතින් මේ නව සිනමාපටය ගැන සහ කලා ක්ෂේත්‍රය පිළිබඳව ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එල්ල එලතු වෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. ගිනි මල් පොකුරු චිත්‍රපටයේ පියුමිගේ චරිතයට තමයි මම පණ පොවන්නේ. පියුමි කියන්නේ තමන්ගේ පාඩුවේ ජීවත් වන අහිංසක තරුණියක්. 

ඇගේ පෙම්වතා අතින් සිදු වන අත්වැරදීමක් හේතුවෙන් ජීවිතය උඩු යටිකුරු වන කතා මාලාවකට මුහුණපාන්න ඇයට සිදුවෙනවා. ඒ සිදුවීම් මාලාව වටා ගෙතුණු කුතුහලය, උද්වේගකර බව, ත්‍රාසය, භීතිය මේ හැමදේම පිරුණු චිත්‍රපටයක් ඒක. මේ චරිතයට මට ආරාධනා කරන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය මහතා. 

මීට පෙර ඔහුගේ ගින්දරී 3 චිත්‍රපටයේ මම උප ප්‍රධාන චරිතයක් රඟපෑවා. එහි ප්‍රධාන රංගන ශිල්පිනිය පබෝදා සන්දීපනී අක්කා. ගින්දරී 3 චිත්‍රපටය අවසන් වන විට ඔහු මට තවත් චිත්‍රපටයකට ආරාධනා කළා. ඒ සමඟම කොරෝනා වසංගත තත්ත්වයට අපට මුහුණපාන්න වුණා. 

වසංගත තත්ත්වය මධ්‍යයේ ඔහු තීරණය කළා නිෂ්පාදකවරුන් කීපදෙනෙක් එකතු කරගෙන චිත්‍රපටයක් නිර්මාණය කරන්න. මේ චිත්‍රපටය රූගත කළෙත් කොරෝනා සමයේමයි. ඉතින් ඒ වගෙම මේ චිත්‍රපටයේ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි පොලිස් නිලධාරියාගේ චරිතයත් චරිත් අබේසිංහ මගේ පෙම්වතාගේ චරිතයත් නිරූපණය කරනවා. ඉසුරු කියන්නේ බොහොම විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න චරිතයක්. 

මම දැකපු හොඳ විනයක් තියෙන රංගන ශිල්පියෙක් ඔහු. හොඳ පුහුණුවකින් අනිත් කෙනාටත් සහයෝගය ලබා දීලා රඟපාන නළුවෙක්. මම ඉස්කෝලේ යන කාලේ හෝල් එකකට ගිහින් චිත්‍රපටයක් බලද්දි මුලින්ම බැලුවේ චරිත් අබේසිංහගේ ජූලියා චිත්‍රපටය. දැන් ඔහු සමඟ රඟපානකොට වැටහෙනවා ඔහු කොයිතරම් දක්ෂ රංගන ශිල්පියෙක්ද කියලා. 

ඇත්තටම චිත්‍රපට කර්මාන්තයක් ලෙස සාර්ථක වෙන්න නම් විවිධ ශානරයන් නියෝජනය කරන චිත්‍රපට හැදෙන්න ඕන. ප්‍රේම කතාම, ඉතිහාස කතාම හැදෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. විවිධ ශානර සම්මිශ්‍රණය වුණාම ප්‍රේක්ෂකයාට තෝරාගැනීමක් සහිතව චිත්‍රපට නරඹන්න පුළුවන්. නෙට්ෆ්ලික්ස්වලින් චිත්‍රපට බලන ප්‍රේක්ෂකාගාරයක් දැන් අපට ඉන්නේ. තරුණ පරම්පරාව අපෙන් ප්‍රශ්න කරන්නේ වෙනස් චිත්‍රපට එන්නේ නැත්තේ ඇයි කියලා

. ඔවුන්ට මුදල් ගෙවලා ටිකට් එකක් අරගෙන චිත්‍රපටයක් නරඹන්න ආසාව ඇති කරන්න ඕනේ. ඒ නිසා තව තවත් මේ වගේ වෙනස් ශානරයන් ඔස්සේ සාර්ථක නිර්මාණ කළොත් පමණයි අපට චිත්‍රපට කර්මාන්තය රැකගන්න පුළුවන් වෙන්නෙ. මම සිනමා රංගන ශිල්පිනියක් ලෙස නමක් හදාගන්න, දක්ෂතා පෙන්වන්න නිතරම උත්සාහ කරනවා. 

කවුරුහරි කියනවා නම් මම එහෙම හිට් එකක් කියලා එකට හේතුව කැපවීම. අපි කරන වැඩේට මහන්සි වෙලා වැඩ කළොත් හිට් එකක් කෙසේ වෙතත් වැඩේ හරියට කළා කියලා අහගන්න පුළුවන් වෙයි. මම මේ ගමන යන්නේ සිනමාව ගැන අධ්‍යයනය කරමින්. ඉගෙන ගනිමින්. ඒ වගේම මම හැමෝම එක්ක හොඳීන් කතාබහ කරලා සුහදව ඉන්න උත්සාහ කරනවා. ඇත්තටම කලා ක්ෂේත්‍රයට එන විටම නිරායාසයෙන් අපේ පෞද්ගලිකත්වය නැති වෙනවා.

කටකතා කියන දේවල් සමහරු කැමැත්තෙන් හදාගන්නවා. සමහරු ඒවාට අකැමැතියි. අපිට මිනිස්සුන්ගේ කටවල් වහන්න බැහැ. හරි වැරැද්ද මොකක්ද කියල තෝරා බේරා ගැනීමේ බුද්ධියක් ප්‍රේක්ෂකයන්ට තියෙන්න ඕනේ. කටකතා හැදෙන එක සාමාන්‍යයි කියලා වටහාගෙන මම හරිම අවබෝධයෙන් ජීවත් වෙන්නේ. ඒ වගේම විවාහය කියන්නේ නිසි අවබෝධයක් ඇතිව දෙදෙනෙක් එකතුවෙලා ජීවිතේ ඉදිරියට යන ගමනක්. බොරුවට ලෝකයට පේන්න උත්සව අරගෙන ඉතාම කෙටි කාලයකින් ඉවත් වෙන එකට නෙමෙයි විවාහය කියන්නේ. 

මුළු ජීවිත කාලෙම තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් අයට වගේම මටත් විවාහ වෙන්න, සහකාරයත් එක්ක සතුටින් ජීවත් ජීවත්වෙන්න දරුවෝ හදන්න හීන තියෙනවා. මම කොහොමත් ගොඩක් කල් සිනමාවේ රැඳෙන්න බලාපොරොත්තුවක් නැහැ. විවාහ වෙන කෙනා අකමැති වුණොත් මම සිනමාවෙන් ඉවත් වෙයි. දැනට එහෙම තීරණයක් නැහැ කියලයි මේ සුරූපී රංගන ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery