අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි

Report

ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයෙකු වන දිනේෂ් මුතුගල සර්ට දරුණු චෝදනාවක් යොමු කර තිබෙනවා.ඒ සමාජ මාධ්‍ය හරහායි. මෙම චෝදනාව ගොනු වෙන්නේ දිනේෂ් මුතුගල සර් ටියුෂන් කරන මුවාවෙන් අපයෝජන ක්‍රියාවක් සිදු කරා කියන පැමිණිල්ල මතයි.

සමාජ මාධ්‍ය පුරාවටම මෙම වීඩියෝව සංසරණය වීමත් සමගම දිනේෂ් මුතුගල සර් විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කර තිබුණේ පහත ආකාරයටයි.

සල්ලි රටේ, ට්‍රිප් එක ජනපතිගේ - ජනාධිපතිගේ විදෙස් ගමන් ජනතාවට බරක්

සල්ලි රටේ, ට්‍රිප් එක ජනපතිගේ - ජනාධිපතිගේ විදෙස් ගමන් ජනතාවට බරක්

අද උදෑසන මගේ හිතවත් අය බොහෝ පිරිසක් මට ලින්ක් වගයක් එවලා තිබුණා. සර් ගැන අසත්‍ය ප්‍රචාරයක් තියෙන වීඩියෝ එකක් පලවෙනවා tiktok එකේ කියලා.මම ගිහින් බලනකොට එහෙම වීඩියෝ එකක් තිබුණා.

ඒක මීට අවුරුදු ගානකට හෝ මීට කලින් සිදු වෙච්චි අපයෝජන ක්‍රියාවක් ගැන. කළුතර පැත්තේ ගුරුවරයෙක් ගැන ඒක ඇත්ත එකක්ද බොරු එකක්ද කියන්න මං දන්නෑ නමුත් ඒක ප්‍රසිද්ධ සිදුවීමක් ප්‍රසිද්ධ මාධ්‍යයේ ගියපු පුවතක් බව පේනවා.

ඒ වීඩියෝ එකේ කියනවා කළුතර පැත්තේ ප්‍රසිද්ධ ගුරුවරයෙක් අතින් මෙහෙම මෙහෙම ළමයි පිරිසක් අපයෝජනය වෙලා තියෙනවා කියලා.

ගිය වසරේ 20000ට පාසල එපා වෙලා විශේෂ අනාවරණයක් මෙන්න

ගිය වසරේ 20000ට පාසල එපා වෙලා විශේෂ අනාවරණයක් මෙන්න

ඒ වීඩියෝ එක මට අදාල එකක් නෙවෙයි. වෙන ගුරුවරයෙක්ට අදාළ එකක්. හැබැයි ඒ වීඩියෝ එකට මගේ නම යොදලා මගේ ෆොටෝස් දාලා කැප්ෂන් එකට දිනේෂ් මුතුගල කියන්නෙ මේ වගේ කෙනෙක්ද වගේ දෙයක් සෘජුව මගේ පුද්ගල ප්‍රතිරූපයට හානි වන ආකාරය වීඩියෝ එකක් හදලා එඩිට් කරලා දාලා තියෙනවා.

මේක විනෝදයකට හෝ කිසියම් දේකට කරත් මොන පුද්ගලයා කරත් මම මේ වෙනුවෙන් නීතිමය පියවරක් ගන්නවා."

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

අද ලග්න 06කට අතිශයින්ම ශුභ ග්‍රහ පිහිටීමක් - ලග්න 04කට දැඩි අවදානමක් - ඔබේ ලග්නයත් ඒ අතරද?

යනුවෙන් දිනයෂ් මුතුගල සර් මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කර තිබුණි.