ඊශ්‍රායලයේ 'දැවැන්ත ප්‍රහාරවලින්' ගාසා වැසියන් 430කට අධික පිරිසක් ජීවිතක්ෂයට!
By Shehan
Courtesy: BBC
ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ගොඩබිම් ප්‍රහාරවල ව්‍යාප්තිය වැඩි කර ඇත.
පසුගිය දිනවල ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අනතුරුව, ගොඩබිම් ප්‍රහාර ද ව්‍යාප්ත කර ඇති බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි.
මෑතකදී එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් 430කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, තවත් බොහෝ දෙනෙක් තුවාල ලබා තිබේ.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින සටන් විරාම කාලය දීර්ඝ කිරීම පිළිබඳ සාකච්ඡා පැවති නමුත්, දෙපාර්ශ්වයටම ඒ සම්බන්ධයෙන් එකඟතාවකට එළඹීමට නොහැකි වූ බව වාර්තා වේ.
එහි ප්‍රතිඵලයක් ලෙස, ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සතුරු ඉලක්ක වෙත නැවත ප්‍රහාර ආරම්භ කර ඇත.