ආණ්ඩුව උපාධිධාරීන්ට රජයේ රස්සා දෙන්න බෑ කියයි - පොරොන්දු වුනේ නැහැලු!

Government Employee Government Of Sri Lanka Job Opportunity Graduates National People's Power - NPP
By Shehan Mar 20, 2025 03:09 AM GMT
Shehan

Shehan

Report

කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා පවසන්නේ, උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබාදෙන බවට කිසිදු ප්‍රකාශයක් සිදුකර නැති බවයි.

ඔහු සඳහන් කළේ, රජයට ලබාදිය හැකි රැකියා ප්‍රමාණය 23,000කට පමණ සීමා වන බවයි.

කෙසේ වුවද, මෙම වසරේ අයවැයෙන් ව්‍යවසායකත්වය සඳහා සැලකිය යුතු මුදලක් වෙන් කර ඇති බවත්, එමඟින් පෞද්ගලික අංශයේ රැකියා වෙළඳපොළට සුදුසු හැකියාවන් ඇති පුද්ගලයන් බිහිකිරීමට රජය කටයුතු කරන බවත් ඔහු පැවසීය.

දෙනවා... දෙනවා... ඔන්න ඇප නැතුව දෙනවා...

දෙනවා... දෙනවා... ඔන්න ඇප නැතුව දෙනවා...

තවද, රජයේ රැකියා තවදුරටත් ලබාදීමට හැකියාවක් නොමැති බවත්, පසුගිය ආණ්ඩුව රජයේ ආයතනවල සේවකයන්ගෙන් පිරවීම නිසා තවත් රැකියා ඇති කිරීමට ඉඩක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වෙමින් නියෝජ්‍ය ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

Gallery
ReeCha