ලෙබනනයේ ස්ථාන 50කට අනතුරු ඇඟවීම්

Report

ඊශ්‍රායල හමුදාව අඟහරුවාදා (3) ලෙබනනයේ ස්ථාන 50කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව ඉවත් කිරීමේ නියෝග නිකුත් කර තිබේ.

එම නියෝග අතර, දකුණු බේරූට් හි අසල්වැසි ප්‍රදේශ දෙකක පදිංචිකරුවන්ට නුදුරු හමුදා ක්‍රියාමාර්ගයකට පෙර ගොඩනැගිලි කිහිපයකින් ඉවත්ව සිටින ලෙස අනතුරු ඇඟවීමක්ද ඇතුළත් විය.

හමුදාවේ අරාබි භාෂා ප්‍රකාශක Avichay Adraee ටෙලිග්‍රෑම් මඟින් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් කළේ, “විශේෂයෙන් නම් පෙන්වා ඇති ගම්මානවල පදිංචිකරුවන්ට හදිසි අනතුරු ඇඟවීමක්.

ඔබේ ආරක්ෂාව සඳහා වහාම නිවාස ඉවත් කරන්න” යනුවෙනි. ලැයිස්තුගත කර ඇති බොහෝ ස්ථාන ලෙබනනයේ දකුණු ප්‍රදේශවල පිහිටා ඇති අතර, Hezbollah යටිතල පහසුකම් ඉලක්ක කරමින් ඊශ්‍රායලය නිරන්තරයෙන් ප්‍රහාර එල්ල කරන ප්‍රදේශ ලෙස හඳුන්වයි.

එමෙන්ම, දකුණු බේරූට් හි ගොබෙයිරි සහ හරෙට් හ්‍රෙයික් ප්‍රදේශවල පදිංචිකරුවන්ටද වෙනත් ඉවත් කිරීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කරමින්, “ඔබ හිස්බුල්ලා පහසුකම් අසල සිටින බැවින්, නුදුරු කාලයේදී ඊශ්‍රායල ආරක්ෂක හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇත” යැයි ඔහු සඳහන් කළේය.

මේ අතර, සඳුදා (2) ලෙබනනයේ රජය Hezbollah සංවිධානයේ හමුදා හා ආරක්ෂක ක්‍රියාකාරකම් තහනම් කිරීමට පෙර නොවූ විරූ තීරණයක් ගත් බව වාර්තා වේ.

එම තීරණයට එම සංවිධානය දැඩි විරෝධය පළ කර ඇත.

රජය සහ පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් ඇති Hezbollah සඳුදා අලුයම ඊශ්‍රායලය වෙත රොකට් හා ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව නිවේදනය කළේය.

එය සිදුවූයේ ඉරානයේ උත්තරීතර නායක Ali Khamenei ඝාතනයට පළිගැනීමක් ලෙස බව සඳහන් කරමිනි. ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය සඳුදා දකුණු බේරූට් තදාසන්න ප්‍රදේශ සහ දකුණු ලෙබනනයේ ගම්මාන කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර, එම සංවිධානයට “දැඩි මිලක්” ගෙවීමට සිදුවන බවට අනතුරු ඇඟවීය.

ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් 149 දෙනෙකුට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූ බවයි. 

මැදපෙරදිග ඇවිලෙන ගින්න අද කොළඹ කොටස්වලටත් බලපායි

මැදපෙරදිග ඇවිලෙන ගින්න අද කොළඹ කොටස්වලටත් බලපායි

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්