ගාසා තීරයම හඬවමින් තවත් භයානක බිහිසුණු ප්‍රහාරයක් - 500කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහින්.. මාරාන්තික ප්‍රහාරයක් ලෙසට ඉතිහාස ගත වෙයි?. (VIDEO)
Israel
Death
Bomb Blast
Israel-Hamas War
By krishani
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෝහලකට බිහිසුණු ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ ගාසා නගර මධ්‍යයේ පිහිටි අල්-අහ්ලි අරාබි රෝහලටයි.
මෙම බිහිසුණු ප්‍රහාරය හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව 500 කට ආසන්න බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් රෝහලේ සුන්බුන්, කැඩුණු වීදුරු සහ මිනිසුන්ගේ ශරීර කොටස් ප්‍රදේශය පුරා විසිරී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය තහවුරු වුවහොත් 2008 වසරෙන් පසු ඊශ්‍රායලය විසින් සිදු කරන ලද මාරාන්තික ගුවන් ප්‍රහාරය මෙය වනු ඇති බව වාර්තා වේ.
විඩියෝ දර්ශන - Al Jazeera English YouTube Channel
