ඊශ්‍රායලයෙන් පාකිස්ථානයට කනේ පහරක් - යුද්ධයට මැදි වුණු පාකිස්ථානය ගැන ඊශ්‍රායලය කතා කරයි
බටහිර ආසියානු සාම ක්‍රියාවලියේදී තම රට පාකිස්ථානය කෙරෙහි විශ්වාසය නොතබන බව ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් ප්‍රකාශ කර ඇත. පාකිස්ථානය වරින් වර "යුදෙව් විරෝධී" ප්‍රකාශ සිදු කර ඇති බවට ද ඔහු චෝදනා කර ඇත. මාධ්‍යවේදීන් අමතමින් තානාපතිවරයා ප්‍රශ්න කර සිටියේ පකිස්ථානය ඒබ්‍රහම් ගිවිසුමට එක්වීමේ හැකියාවක් පවතින්නේ කෙසේද යන්නයි.
පකිස්ථානය විසින් ඊශ්‍රායලයට කලාපය තුළ පැවැත්මට ඇති අයිතිය පවා ප්‍රතික්ෂේප කරනු ලබන බව ද ඔහු පවසා ඇත.
ලෝකයම මඟ බලපු ආරංචිය මෙන්න - ඉරානයේ න්‍යෂ්ටික අවි ගැන ප්‍රකාශයක් - අමෙරිකාව උත්තරීතර නායකයා සමග සාකච්ඡා?
ට්‍රම්ප් පරිපාලනයේ සහාය ඇතිව ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සාමය ඇති කිරීම සඳහා පකිස්ථානය මැදිහත් වීමට උත්සාහ කර ඇතත්, වොෂින්ටනය සහ ටෙහෙරානය අතර හමුදාමය ගැටුම් තවදුරටත් පැවතීම හේතුවෙන් පූර්ණ සාම ගිවිසුමකට එළඹීමට ඔවුන් මෙතෙක් සමත්ව නැහැ. නවදිල්ලියේදී පැවැති උත්සවයකදී අදහස් දැක්වූ තානාපති අසාර්, ඉන්දියාව ප්‍රධාන ගෝලීය ආර්ථික බලවතෙකු ලෙස හැඳින්වූ අතර, ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර සහයෝගීතාවයෙන් මතුවන අවස්ථා පිළිබඳව ද අවධාරණය කර ඇත.
බටහිර ආසියාවේ පවතින තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වන බවත්, තම රට ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලය සතු අයිතිය ඔවුන් ක්‍රියාවට නංවමින් සිටින බවයි. ඊශ්‍රායලය සහ ලෙබනනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව ද සඳහන් කළ ඔහු, හිස්බුල්ල් සංවිධානයට එරෙහිව කටයුතු කිරීමටත්, ලෙබනන් භූමිය තුළ සිට ඔවුන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට ඉඩ නොදීමටත් ලෙබනනය පියවර ගත යුතු බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.