සිදු නොවිය යුතු දෙයක් සිදුවෙලා - ජෙරුසලමේ අල් අක්සා පල්ලිය වසයි - මුස්ලිම් රටවල් 8ක් එකතුවෙයි

By Ashfa Mar 12, 2026 06:19 AM GMT
Report

ඊශ්‍රායලය අල්-අක්සා පල්ලිය වසා දැමීම අරාබි සහ ඉස්ලාමීය රටවල් අටක් හෙළා දැක ඇත. ඒ අතර කටාර්, ජෝර්දානය, ඉන්දුනීසියාව, තුර්කිය, පකිස්ථානය, සෞදි අරාබිය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය රටවල් ඇතුළත් වේ.

අල් ජසීරා විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය අඛණ්ඩව 12 වන දිනට වසා තැබෙන අතර ශුද්ධ වූ රාමසාන් මාසය තුළ ඊශ්‍රායලය විසින් අල්-අක්සා පල්ලිය වසා දැමීම මොවුන් මෙලෙස හෙළා දැක තිබෙන බවයි.

යුද්දය අවසන් - ඉරානයෙන් කොන්දේසි තුනක් ඉදිරිපත් කරයි

යුද්දය අවසන් - ඉරානයෙන් කොන්දේසි තුනක් ඉදිරිපත් කරයි

එම රටවල් අටෙහි විදේශ අමාත්‍යවරු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අල්-අක්සා පල්ලියේ දොරටු වැසීම වහාම නතර කරන ලෙසත්, පැරණි ජෙරුසලම් නගරයට ප්‍රවේශ වීමේ සීමාවන් ඉවත් කරන ලෙසත්, මුස්ලිම් වන්දනාකරුවන්ගේ පල්ලියට ප්‍රවේශ වීමට බාධා කිරීමෙන් වළකින ලෙසත් අමාත්‍යවරු ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියහ. එසේම එම ප්‍රකාශයේ සඳහන් වූයේ ඊශ්‍රායලයට එහි අඛණ්ඩ උල්ලංඝනයන් නැවැත්වීමට බල කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඔවුන් ඉල්ලා සිටින බවයි.

බැංකු ළගින් ඈත් වෙන්න - තෙල් ලිටරයක්වත් දෙන්නේ නැහැ - දරුණු ප්‍රතිප්‍රහාරයක් සූදානම් - දැඩි අනතුරු ඇගවීමක්

බැංකු ළගින් ඈත් වෙන්න - තෙල් ලිටරයක්වත් දෙන්නේ නැහැ - දරුණු ප්‍රතිප්‍රහාරයක් සූදානම් - දැඩි අනතුරු ඇගවීමක්

 ලෝකයේ මුස්ලිම් ජනතාව විසින් මක්කාවේ කාබා පල්ලියට හා මදිනාවට පසුව තෙවන පූජනිය ස්ථානය වශයෙන් සලකන්නේ මෙම අල් අක්සා පල්ලියයි. එය වසා දැමීම නරක හා සිදු නොවිය යුතු කාර්යයක් බව සියලුම මුස්ලිම් ජනතාව විශ්වාස කරයි.එය ලොව පුරා සිටින සමස්ත මුස්ලිම් ප්‍රජාවගේම විරෝධයට ලක්වන කරුණකි.