දෝහා කටාර් ඇවිලෙයි - එලි වෙනකම් මිසයිල ප්‍රහාර - ජනතාව පණ බයේ බිම්ගෙවල් යට හැංගෙයි
කටාර් රාජ්‍යයේ දෝහා අගනුවරට ඊයේ රාත්‍රිය දැවැන්ත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වී ඇත. නමුත් අදාළ මිසයිල ගුවනේදීම විනාශ කිරීමට එරට ගුවන් ආරක්ෂක පද්ධති සමත් වී ඇත.
එරට වේලාවෙන් අලුයම 1:30ට පමණ (ග්‍රිනිච් වේලාවෙන් සිකුරාදා රාත්‍රී 10:30) දෝහා අහසේ දැවැන්ත පිපිරුම් හඬක් ඇසුණු බවත් එය මුළු නගරයටම තදින් දැනී ඇති බවත් වාර්තා වේ.
මෙම ප්‍රහාරය එල්ල වීමට පැයකට පමණ පෙර, ආරක්ෂිත පියවරක් ලෙස නගරයේ ඇතැම් ප්‍රදේශවල වැසියන්ට ඉවත් වීමේ නියෝග නිකුත් කිරීමට කටාර් රජය පියවර ගෙන ඇත.
මෙය දෝහා නගරය තුළ මින් පෙර අත්නොවිඳි පෙර නොවූ විරූ තත්ත්වයක් බව වාර්තා වේ. ජනතාවට පැය කිහිපයක් තම නිවෙස්වල පහළ මහල්වල හෝ බිම් මහල්වල රැකවරණය ලබා ගැනීමට සිදු වූ අතර, යළි නිවෙස් වෙත යාමට අවසර ලැබුණේ අලුයම කාලයේදී බවට මාධ්‍ය වාර්තා කරයි.
ලෝක යුද්දේ හරි වගේ - සුළු මොහොතකට පෙර ඇමරිකානු පුහුණුවකට උතුරු කොරියාවෙන් බැලැස්ටික් මිසයිලය ප්‍රහාරයක්
ඉන් අනතුරුව අද (14) අලුයම 5:45ට පමණ තවත් බැලිස්ටික් මිසයිල දෙකක් නගරයට ඉහළ අහසේදී සාර්ථකව විනාශ කළ බව කටාර් බලධාරීහු තහවුරු කර ඇත.
කටාර් රාජ්‍යයට අමතරව කුවේටය සහ බහරේනය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙවැනිම මිසයිල ප්‍රහාරවලට ලක්ව ඇති බව වාර්තා වේ. මේ අතර, සෞදි අරාබිය සිය නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දැවැන්ත තෙල් නිධි ඉලක්ක කර ගනිමින් පැමිණි ඩ්‍රෝන යානා කිහිපයක් වෙඩි තබා බිම හෙළීමට සමත් වූ බව ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් මුළු ගල්ෆ් කලාපය පුරාම දැඩි යුදමය නොසන්සුන්තාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.